මාර්ටින් වික්‍රම සිංහ මහතා ගේ ගම් පෙරළිය නව කතාව 1944 වර්ෂයේදි මුල් වරට ඵලවිය. මෙම නවකතාව තුළින් වැඩවසම් රදල සමාජය කෙමෙන් පිරිහි යන ආකාරයත් ධනය මුල්තොට ගත් නව වෙළෙද සමාජයක් ගෙඩනැනවෙන ආකාරයත් එම වෙළෙද සමාජය සමාජවාධී රාමුවක් තුළට පරිනාමය වන ආකාරයත් පෙන්වා දී ඇත. මෙම නවකතාවේ මුඛ්‍යාර්ථය වී ඇත්තේ මෙසේ පරිනාමය වන අවස්ථාවේ එම සමාජයේ වෙසෙන පුද්ගලයින්ගේ සිත් සතන්වල ස්වරූපයත් ඔවුගේ චර්යා රටාවත් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමයි. ඒ අනුව ගම්පෙරළිය නව කතාව තුළ පියල්ගේ චරිතය කෙසේ නිරූපනය කර ඇද්දැයි විමසා බැලිය හැක.
මහල් කිහිපයකින් යුත් නවකතාවක පාඨකයා ඉතා සමීපව ඇසුරු කරන චරිතය පළමු මහලෙහි චරිතය වන අතර දෙවන මහලෙහි චරිතය හෙවත් පසුබිම් චරිත වලින් ඔප් නන්වනු ලබන ඒම ප්‍රධාන චරිත, කතාවෙහි සමාප්තිය දක්වා ගලායයි. ගම්පෙරළිය නව කතාවේ එසේ අවසානය දක්වා ගලා යන ප්‍රධාන චරිත දෙක පියල් හා නන්දා යන චරිත දෙකය. පියල් හීන පෙළපතක වූවකු ලෙස සැලකුව ද ඉංගී්රසි අධ්‍යාපනය ලද් උගතකු වීමේ භාග්‍යය ඔහු ලබයි. ඉංගී්රසි අධ්‍යාපනය නිසා පාරම්පරික වටිනාකම් පිළිබ`ද අඩුමට්ටමකින් තක්සේරු කරන්නට පියල් අනුබල ලබයි. අනෙකුත් සාමාන්්‍යය ගැමියන් ඇසුරු නොකරන ‘‘මුහන්දිම්ගේ ’’ දුවරුන් පියල් ඇසුරු කරන්නේ ඔහු ඉංගී්රසි උගතෙකු වූ නිසාය ‘‘මහගෙදර’’ මිනිසුන් වැටුප් ලබන මෙහෙකරුවෙකුට වඩා වෙනසක් පියල් වෙත නෙදුටුවත් පියල් ඔවුන්ගේ චෛතසිකයන් හදුනා නෙගනි. ඉංගී්රසි උගතෙකු ලෙස ආත්මාඩම්බරයෙන් අධ්‍යාපනය නිසා අ`එත් මිනිසෙකු ලෙස සිතන්නට පුරුදු වීම නිසා ද පියල් තමා මහගෙදර හා සමානයකු කොට සිතන අතර ගාම්භිරත්වයකින් යුත් මහගෙදර ක්‍රම ක්‍රමයෙන් ගරා වැටි යද්දී පියල් වඩාත් පොහොසතෙකු බවට පත්වේ. එනම් ඔවුන්ගේ කඩාවැටෙන වැඩවසම් සමාජය ආක්‍රමණය කරන්නට තරම් ශක්තියක් ඇතිව පියල් ධනවත් සමාජය නියෝජනය කරයි. මෙහිදි පියල්ගේ චරිතය තුළ ලක්ෂණ ගනනාවක් නිරූපණය වන බව හදුනා ගත හැකිය.
Kaluwa marapana giyawage
ReplyDelete