ව්‍යාපාරිකයෙකු ලෙස

                                    කෙළඔට යන පියල් යුරොපීයන්ගේ ඇසුරට වැටෙන්නේ  ආත්මලාභය සළකාගෙනය. ශූක්ෂම ලෙෂ සිතාබලා සැළසුමක් මත කි‍්‍රයා කරන ඔහුගේ චරිතය එයින් අනාවරණය වේ. මත්පැන් සැළක ලිපිකරුවෙකු ලෙස සිය ජීවිතය අරබන පියල් නන්දා සම`ග විවාහ වන විට බර්ගජාතිකයන් ඇතුලූ විශාල පිරිසකගේ සේවය ලබා ගන්නා පළමුපෙළ ධනපතියෙකු බවට පත්වන්නේ  ඔහුගේ එම ශූක්ෂම ඥාණය හා ශූරකම නිසාය ඉංගි‍්‍රසිබස කතා කිරීමට බෙහෙවින් දක්ෂ වූ පියල්ට යුරොපියයන් සමග ගණදෙනු කිරීමට මහත් රුකුලක් වූවා පමනක් නොව ඔහුතුළ වූ විනීත ගති ස්වභාවය නිසා ඔවුන්ගේ සිත් දිනාගැනීමට සමත් විය. 

              පියල්ගේ ව්‍යාපාරික දියුණුව කෙතරම්ද යන්න මාතර හාමිනේ තිසිසට යවන ලිපියට ලැබෙන පිළිතුරු ලිපිය මගින් මනාව තහවුරු වෙයි. එහි සදහන් ආකාරයට පියල්ගෙ වෙළෙද සැලෙහි සේවකයන් විසිතිස් දෙනාගෙන් එක් අයෙක් ලොකු පඩි ලබන බවත් කන්තොරුවෙදි ඔහු අහන්කාර කෙනෙක් බවත්  එහිදි මිතුරන්ට පවා වැඩි සැළකිල්ලක් නොදක්වන බවත් සදහන් කරයි. එනම් ඒ ඔහුගේ අහංකාර කම නොව වෙළදාම් කටයුතුවලදි ආරුඪකර ගන්නා දැඩි ගුණයකි. වෙළෙද කාර්ය්‍යට හික්මීමකි. එම ලිපියේ වැඩි දුරටත් සදහන් වුයේ පියල් ල`ගදි රබර් ඉඩම් දෙකක් මිළදී ගත් බවත් ලොකු වෙළදාමක් කරන පියල්ගේ ආදායම සුලූයටු නෙවන බවයි.තිස්සගේ මෙම ලිපිය තුලින් පියල්ගේ ධනවත් බව කොතරම් දැයි පැහැදිලි වේ.

                        මහහ ගෙදර ගරා වැටෙන කළ ඒ අසලින් පියල්ගේ නිවස නැගී සිටින්නේ නව වෙළෙද සමාජයේ ආශචර්ය්‍ය සමාජයට විදහාපාමානි. පියල්ගේ නැ`ගීම පිළිබද මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විස්තර කරන්නේ මෙසේය.

                         ‘‘පියල්ගේ නිවසෙහි මහගෙදර පවා නොදක්නා ලැබෙන විසිතුරු ඇ`ද පුටු මේස දැන් දැක්ක හැකිය. අලූත් පිගන් කොප්ප මල් පොච්චි ආදිය පියල්ගේ මව මහ පෙට්ටියක් තුළ දමා තබන නමුත් අමුත්තෙකු එහි යන දවසක ඒයින් සමහරක් එළියට එයි. සායම් ද හුණු ද ගැමේන්  නිතර අලූත්වැඞීයා කරන එම ගෙය කුඩා වූවද ඇන් ගමෙහි අලූත් ෙවින් බැබලෙන ගෙවල් දෙක තුනෙන් ඉතා හෙද එක වෙයි. එහුගේ ගේ වටකොට ගෙන සුදු තාප්පයක් නැගුනේ මීට මාස හතරකට පමණ උඩදීය තාප්පයේ දොරටුවෙහි යකඩ අසව්වලින් සවිකරන ලද ගනාදි දොර දෙකකින් එකක වූ සිරි නිවස යන අකුරු සහිත පිත්තල පත උදේ වරුවෙහි හිරු රැුසින් බැබලෙන්නේ රන් පතක් ලෙසිනි ’’

                                                         මෙසේ පියල් ධනවතෙකු ලෙෂ ස්මතු වී කි‍්‍රයා කරන ආකාරය ම`ගින් නිරූපනය කරනුයේ විසි වන සියවසේ මුල්භාගයෙ දී ලංකාවේ පැවති සමාජ ලක්ෂණයකි. එනම් වැඩවසම් ක‍්‍රමය ක‍්‍රමයෙන් සිදි ගෙස් වනිජ සමාජයකට එය පරිවර්ථනය වූ ස්වභාවයේ ප‍්‍රබල බවයි. එය කයිසාරු වත්තගේ මරණයෙන් පසු මහගෙදර මුහුණපාන ආර්ථික ගැටඑ හමුවේ මනාව පැහැදිලි වේ. පියල්ගේ ව්‍යාපාරාක බුද්ධිය කොතරම් ද යත් මහගෙදර ප‍්‍රතිසංස්කරණයට මැලි වන්නේ මුදල් වියදම් කිරීමට ඇති මසුරුකම නිසා නොව මහගෙදර ගරා වැටීම නෙවැලැක්විය හෙයිනි. ඒ ස`දහා මුදල් වැය කිරීම නිස් ප‍්‍රයොජන කි‍්‍රයාවක් බව හදුනාගැනීම තුළන්ම වටහාගත හැකිය

 ‘‘මටනම් ඔට බොරු වියදම් කරන්න බෑ’’

                                                              යනුවෙන් ඔහු පවසන්නේ ඒ නිසාය. පියල් නන්දා විවාහ කරගත් පසු මොටර් රථයක් දමිළයට ගනී අධික ලෙෂ වියදම් කිරීමේ පුරුද්දක්  නොවු නන්දාය පියල්ගේ වියදම් කිරීමෙ ස්වභාය ගැන තැති ගනි එහෙත් පියල්ට මොටර් රථයක් මිළදී ගැණිම  එතරම් අසීරු නොවීය. වැඩවසම් රධළ සමාජයේ මිනිසුන් භාවිතා කළ ‘‘’අශ්ව කරත්තය’ වෙනුවට මුදල් හිමි ධනවත් සමාජය ‘‘මොටර් රථය’’ උපයොගි කර ගනී. පසු කළක පියල් හා නන්දා කෙළඹ පදිංචියට යන්නේ ද තම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම ස`දහා ය .

ඒනම් පියල් පාරම් පරක වැඩවසම් සමාජය ආක්ක‍්‍රමණය කරනු ලබයි. ගමට නව ආර්ථික ක‍්‍රම හදන්වා දෙන්නේ ද පියල් ය. පෙළෙදාමට බැසීමෙන් පසු පියල් ජීවිතය පිළිබ`දව සිතන්නේ ව්‍යාපාරිකයෙකු ලෙයි. එනම් පියල් ව්‍යාපාරිකයෙකු ලෙෂ සාර්ථක වූ පුද්ගලයෙකි.

No comments:

Post a Comment