ජිනදාසගේ අවම`ගුලට වියදම් කිරීම ගැනපියල් දැඩි ලෙස කොපයට පත් වේ. පියල් එයට ඒතරම්ම කිපෙන්නේ සත්්යය වශයෙන්ම ජිනදාස පියල්ගේ ප්‍රතිමල්ලවයා නිසාවෙනි. ජිනදාස නන්දා දිනාගත් නිසා. තමා ශෝකයෙන් ගත කළ දවස් අල්ප නොවේ. නන්දා දෙමාපිය කැමැත්ත මත ජිනදාස තොරා ගනු ලැබුව ද ඇකෙරෙහි ඇති දැඩි ඇල්ම මුසු ගෞරවය නිසා ඇය ඇනුම්පදයක් කීමට හෝ පියල් නෙපෙලබවේ මේ නිසා ඔහුගේ කොපයේ වේගය සෘජුවම එල්ල වන්නේ ජිනදාස කෙරෙහිය. ජිනදාස පිළිබ`ද ඔහු සිහි කරන්නේ ද්වේශයකිනි. මහගෙදර අයගේ කැමැත්තපියල්ට ලැබෙන්නේ ද ජනදාස දිළි`දුව මිය ගිය පුවත දැන ගැනීමෙනි මෙසේ ඔහුගේ සිතේ කොපය ඇති වීම ද අරුමයක් නොවේ.
පාංශකූලයේදි ජිනදාස භූමදානය කොට අවසන් ගෞරවය දැක්වූයේ
‘‘මගේ සල්ලිවලිනි’’ යැයි පැවසීමේන ඔහු තමාගේ කොපය එල්ල කරන්නේ ජිනදාසට නන්දාට මෙන්ම මහගෙදර සියල්ලටමය. ප්‍රතික්ශේප වු තමා නොමැතිනම් ජිනදාසගේ අවම`ගුල් කටයුතු වලට ගෙවන්නට පවා කිසිවෙකු නොමැති බව අගවමිනි.
ඒතුළින් පියයල්ගේ ද්වේශය කෙබදුදැයි වටහාගත හැකිය. එහෙත් ඔහුට තමාගේ ඊර්ශාව කොපය මඩගැනීමට නොහැකිවීම ගැන වහා පසුතුවිලි වේ. ඒ පිඝිප`දව ඔහු ලැජ්ජාවට පත්වේ. නන්දා කෙරෙහි දැක්වූ ගෞරවය නිසා ම
‘‘නන්දා තරහා වෙන්න එපා ’’
‘‘නන්දා මට සමා වෙන්න’’
මෙසේ සමාව ඉල්ලීමට හේතුවේ. ඒයට හේතු ලෙස පියල් නන්දාය ප්‍රකාශ කරනුයේ ජනදාසගේ මරණයට වියදම් කිරීම නිසා නොව, තමා නන්දාට හොදටම ආලය කරන නිසාත් ඉංගී්රසි ඉගැන්වූ කාලයේ සිතේ ඇති වුනු ආලය ඒලෙසටම අදටත් පවතින නිසත්ය. මේ තරුනු තුලින් ඔහු වහා කිපෙන මෙන්ම වහා පසුතැවෙන පද්ගලයෙක් ලෙස හ`දුනාගත හැක.
පියල් අහිංසක ගැමි තරුණයෙකු ලෙස මුලදී හ`දුනාගත්ත ද පසු කාලයේ ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු දක්වා ගමන් කිරීමේ දී එයට එක් වන සංකීර්ණ මාණුෂීය ලක්ෂණ ඉතා යතාර්ථවාදීව විවරණය කිරීමට ‘‘මාර්ටින් වික්‍රම සිංහ මහතා සමත් වී ඇත.’’ නව සමාජ ක්‍රමය ගමට හ`දුන්වා දෙන ඔහු අර්ථික ක්රමයේ ද සාරධර්ම වල ද වෙනස පහසුවෙන් වැළද ගනි. පාරම්පරික සංස්ථා සුනු විසුනු කරනු ලබන පියල්ගේ චරිතය යථාර්තවාදි වු චරිතයක් ලෙස ද ගම්පෙරළිය පුරාවට ගලා යයි.
No comments:
Post a Comment